FAST NEWS

24×7 Around the Globe

පළමු මාස 11 ට ඩෙංගු රෝගීන් 174,009 යි – 417 ක් මරුට..

 

මෙම වසරේ ගෙවීගිය පළමු මාස 11 ක කාලය තුළ ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් පුද්ගලයන් 417 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මීට අමතරව ගෙවීගිය මාස 11ක කාලය තුළදී රජයේ රෝහල් තුළින් ඩෙංගු රෝගීන් 174,009 දෙනෙකු ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවද එම අංශය පෙන්වා දෙයි.

එසේම නොවැම්බර් මාසය තළ ඩෙංගු රෝගීන් 7,753  දෙනෙකු වාර්තා වී ඇති අතර ඔක්තෝබර් මාසයේදී වාර්තා වීඇත්තේ ‍ඩෙංගු රෝගීන් 6400ක ප්‍රමාණයක් පමණි.

එසේම මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා ගෙවීගිය කාලය තුළදී වාර්තා වී වු ඩෙංගු රෝගීන් 174,009 ක ප්‍රමාණයෙන් 40%ක ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වැඩි දුරටත් පෙන්වා දෙයි.

 

DE සිල්වා