FAST NEWS

24×7 Around the Globe

අන්දමන් දූපත් ආසන්නයේ අඩු පීඩනයෙන් ශ්‍රී ලංකාවට සුළං..

දකුණු අන්දමන් දූපත් ආසන්නයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වන ලකුණු ඇති බවත් ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ,එනම් දෙසැම්බර් මස 05 වැනිදා පමණ සිය දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද (04) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

එසේම අද (04) දිනය තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.

එම නිවේදනය.

DE සිල්වා