FAST NEWS

24×7 Around the Globe

මනමාල හා මනමාලියන් සිය දෙනෙකුගේ විවාහයක් ලංකාවේදී..

චීන මනමාල හා මනමාලියන් සිය දෙනෙකුගේ විවාහයක් ලබන දෙසැම්බර් 17 වැනිදා කොළඹ නගර සභා පිටියේදී පැවැත්වේ.

මේ විවාහ මංගල්‍යට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගිවීමට නියමිතය.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (29) කොළඹ වෝටර්ස් එජ් හි පැවැති මාධ්‍යහමුවකදී මේ බව අනාවරණය කළේය.

මෙහිදී විවාහවීමට නියමිත මනාලියන් අතර මෙරට රජ පෙළපතකට නෑකම් කියන යුවතියක්ද සිටින බව පැවසේ.

විවාහ උත්සවයෙන් පසුව එම යුවලවල් ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිත බවද වාර්තා වේ.