FAST NEWS

24×7 Around the Globe

පෙරේදා ලංකාවට ආ නාවික ඉංජිනේරුවරයකු මරුමුවට පත් වූ හැටී..

අධික වේගයෙන් ධාවනය වූ සුපිරි මෝටර් රථයක්‌ එහි වේගය පාලනය කරගත නොහැකිව පන්නිපිටිය මහල්වරාව හන්දියේදී මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් රථය පැදවූ තරුණ නාවික ඉංජිනේරුවරයකු මරුමුවට පත්වී රථයේ ගමන් ගත් තවත් පස්‌දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (29) අලුයම 3.05 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ කොට්‌ටාව, පන්නිපිටිය, කටුකුරුන්ද පදිංචිව සිටි අලුත්ගමආරච්චිගේ ලුමාල් මධුසංඛ (24) නමැති අයෙකි.

මියගිය තරුණ ඉංජිනේරුවරයා විදේශයක නැවක සේවය කරන නාවික ඉංජිනේරුවරයකු බව හෙළිව ඇතැයිද පොලිසිය කියයි.

මොහු නිවාඩුවට ලංකාවට පැමිණ ඇත්තේ පෙරේදා (28) බවත් ඔහු තම මිතුරන් සමග මහරගම ප්‍රදේශයේ මිතුරකුගේ සාදයකට ගොස්‌ නැවත කොට්‌ටාව දෙසට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි හෙළිවූ බවත් පොලිසිය පවසයි.

අතුරු මාර්ගයකින් එක්‌වරම දැමූ යතුරුපැදියක්‌ බේරීමට යැමේදී රථය පැදවූ ඉංජිනේරුවරයා එක්‌වරම තිරිංග තද කිරීමත් සමග රථය මාර්ගයෙන් ඉවතට පැන ඇතැයි හෙළිව තිබේ.