FAST NEWS

24×7 Around the Globe

රු. 27,000 ක බ්‍රැන්ඩි වීදුරුවක් බීලා බ්ලූ බලන්න රු 5000ක් ටිප් එකට රු 60000ක් දුන් ලංකාවේ ඇමති කවුද ?

ජනපතිවරුන් රාජ්‍ය නායකයන් වැනි සුවිශේෂ ප්‍රභූවරු පමණක් නවාතැන් ගන්නා “වෝල්ඩොෆ් ඇස්ටෝරියා” හෝටලයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන විසින් සිදුකරන ලද “රජ කෑමක්” සම්බන්ධව මේවනවිට මාධ්‍ය වෙත අනාවරණය වී තිබේ.

2014 සැප්තැම්බර් 20 සිට 28 වැනිදා දක්වා ඔහු එම හෝටලයේ නවාතැන් ගෙන තිබේ. Remy Martin Louis X111 නම් මිල අධික බ්‍රැන්ඩි වීදුරුවක් පානය කිරීම සඳහා ඔහු රුපියල් 27,000 (US $ 195) ක් වැය කොට තිබේ. අවරුදු 100 කට වඩා පැරණි ප්‍රංශයේ නිෂ්පාදිත බ්‍රැන්ඩි වීදුරුවක් පානය කිරීමෙන් අනතුරුව රුපියල් 27,000 ක් වැයකොට තවත් බ්‍රැන්ඩි වීදුරුවක් ඔහු විසින් ඇනවුම්කොට තිබේ. එමෙන්ම රුපියල් 60,000 ක් වටිනා Didier Dagueneau ප්‍රංශයේ නිෂ්පාදිත වයින් බෝතල් දෙකක්ද, Ciacci Reserva නම් ඉතාලියේ නිෂ්පාදිත වයින් බෝතල් දෙකක් 68,000 ක මිලට ගෙන තිබේ.

ඇස්ටෝරියා පීකොක් නම් අවන්හලෙන් ඔහු ඇනවුම් කළ එක් කෑම වේලක මිල රුපියල් 12,125 කි. තවත් කෑම වේලක මිල රුපියල් 39,119කි. එමෙන්ම රුපියල් 5000 ක් වැයකොට නැවතී සිටි හෝටලයෙන් විනෝදය සඳහා වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපටද මිලටගෙන තිබේ. එක් හෝටලයක් සම්පුර්ණ බිල ගෙවීමෙන් අනතුරුව ඉතුරුවූ ඩොලර් 450 ක මුදල (රුපියල් 60,000) ටිප් එකක් ලෙස ලබාදී තිබේ.