FAST NEWS

24×7 Around the Globe

මහින්ද ජිප්සීස් සුනිල් හා තවත් 4කින් වන්දි ඉල්ලයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල කරනු ලබන අසත්‍ය චෝදනා හා මඩ ප්‍රහාරයන්ට එරෙහිව ඒ මහතාගේ උපදෙස් පිට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජේ‍යෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් පිරිසක් තීරණය කළ බවත් එසේ අපහාස කළ පස් දෙනකුට රුපියල් කෝටි 550ක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසි යැවූ බවත් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් රුපියල් කෝටි 100ක්ද, පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතාගෙන් රුපියල් කෝටි 200ක්ද, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් රුපියල් කෝටි 100ක්ද, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් රුපියල් කෝටි 50ක්ද, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාගෙන් රුපියල් කෝටි 100ක්ද වශයෙන් ඉල්ලා මේ වන විට එන්තරවාසි යවා තිබේ.

මේ මුදල් ගෙවීමට කටයුතු නොකළහොත් මේ පස්දෙනාට එරෙහිව නඩු පවරා උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සාගර කාරියවසම් මහතා පවසයි.