එක්දින කි‍්‍රකට් තරගවලදී ශතක වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ වසර ලෙස 2015 වාර්තා පොත්වලට එක් වි තිබෙනවා. ඒ, ශී‍්‍ර ලංකාව හා පාකිස්තානය අතර ඊයේ පැවති තරගයේදී කුසල් ජනිත් පෙරේරා රැස්කර ගත් ශතකයත් සමගයි.
පන්දු 109 කට මුහුණ දුන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 116 ක් රැස්කර ගත්තා. මෙය මෙම වසරේ වාර්තා වූ 80 වන එක්දින කි‍්‍රකට් ශතකයයි.
එක්දින කි‍්‍රකට් තරගවලදි ශතක වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ වසර ලෙස මීට පෙර 2014 වාර්තා පොත්වල සදහන් වුණා. එම වසර තුළ වාර්තා වී තිබූ එක්දින කි‍්‍රකට් ශතක සංඛ්‍යාව 79 ක්.
මේ අතර මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති එක්දින කි‍්‍රකට් ශතක 80 න් 5 කටම හිමිකම් කියන්නේ කුමාර් සංගක්කාරයි. එය කිසියම් කී‍්‍රඩකයෙකු එක්දින කි‍්‍රකට් තරගවලදී මෙම වසරේ රැස්කර ගත් වැඩිම ශතක සංඛ්‍යාවද වනවා.
තිලකරත්න ඩිල්ෂාන් ශතක 4 ක් රැස්කර ගෙන ඇති අතර ඒ අනුව මෙම වසරේ එක්දින කි‍්‍රකට් ශතක වැඩිම සංඛ්‍යාවක් රැස්කර ගත් කී‍්‍රඩක ලැයිස්තුවේ දෙවැන්න වන්නේද ඔහුයි.






