FAST NEWS

24×7 Around the Globe

දැන් අපට අවශ්‍යව ඇත්තේ හුදු ආණ්ඩු මාරුවක් නොවෙයි..

මේ වන විට දේශපාලනයේ ඉතාම හොඳ අදියරකට ජවිපෙ ප්‍රවේශවෙමින් සිටින බවත් සතුරු කඳවුරු සියල්ල අර්බුදයකට වැටී සතුරා දුබල වී සිටින බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා, ඉකුත් 28දා කොළඹ විහාරමහාදේවි උද්‍යාන එළිමහන් රංග පීඨයේදී පැවැති රුසියන් ඔක්තෝබර් විප්ලවයේ සියවස් සැමරුම අමතමින් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායකයා,

“දැන් අපට අවශ්‍යව ඇත්තේ හුදු ආණ්ඩු මාරුවක් නොවෙයි. අප හැම දෙනාමට පැවරී තිබෙන වගකීම වනුයේ කඩාවැටුණු දුබල ධනවාදයට එරෙහිව සමාජවාදයේ කොඩිය ඔසවාගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා පෙරමුණ ගැනීමයි. මේ සඳහා නායකත්වය ගැනීමේ වගකීම ජවිපෙට පැවරී තිබෙනවා.“