FAST NEWS

24×7 Around the Globe

‘පාකිස්තානයේ තරග සංචාරයන්ට කණ්ඩායම් දෙකක් යොමුකරනවා..’

පාකිස්තානය තනි නොකරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් හා 19න් පහළ කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයකට යොමුකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (29) පැවැසීය.

එසේම පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවීම හරහා ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා පදනමක් වැටී ඇති බවත් ඔහු සඳහන් කළේය.

“ පාකිස්තාන, ශ්‍රී ලංකා හා ඉන්දීය ප්‍රේක්ෂකයන් ක්‍රිකට් තරග සඳහා උනන්දුවක් දක්වනවා. පාකිස්තාන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඒ අවස්ථාව ලැබීය යුතුයි. ඒක නිසා අපි මේ කණ්ඩායම එව්වා. ඒ වගේම මෙය මෙතැනින් නිමා වෙන්නේ නෑ. අපි ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් හා 19න් පහළ කණ්ඩායමක් ඉතාමත් ඉක්මනින් පාකිස්තානයට යොමුකරනවා”