FAST NEWS

24×7 Around the Globe

ලොවපුරා මිලියන 124ක පිරිසක් ලෙඩින්..

පසුගිය වසර 40 ඇතුලත නව යොවුන් සහ ළමා ස්ථූලතාව සියයට දසදහසකින් ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇත.

ඒ අනුව මෙම වාර්තාවේ පෙන්වාදෙන්නේ මේ වනවිට ලොවපුරා පිරිමි සහ ගැහැණු නව යොවුන් හා කුඩා ළමුන් මිලියන 124 ක් ස්ථූලතාවයෙන් පෙළෙන බවයි.

2025 වනවිට ස්ථූලතාව නිසා ඇති වන විවිධ රෝගාබාධ වලට ගොදුරු වන්නන් වෙනුවෙන් ප‍්‍රතිකාර සඳහා රුපියල් බිලියන 920 කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බවත් සමීක්ෂකයන් සඳහන් කරන ලදි.

ලෝක ස්ථූලතා දිනය සහ ගැහැණු දරුවන්ගේ දිනය ද අදට යෙදී තිබේ.