සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර ඊයේ(10) පැවැති විස්සයි20 තරගය ජයගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම ගමන්ගත් බස් රියට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙයින් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට අනතුරක් සිදුන නොමැත.
තරගයෙන් අනතුරුව මෙම සිදුවීම සිදුවී ඇති අතර ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ආරොන් ෆින්ච්, ගල්ප්‍රහාරය හේතුවෙන් හානි වූ බස් රියේ වීදුරුව සිය ට්විටර් ගිණුම හරහා ඡායාරූපයකින් පළ කොට තිබේ.
එම වීදුරුව ළග පැවැති අසුනේ කිසිවෙකුත් සිට නොමැත අතර මීට මාසයකට පෙර ඔස්ට්‍රේලියා කණ්ඩායම බංග්ලාදේශයේ කළ තරග සංචාරයේදීත් කණ්ඩායම ගමන්ගත් බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල විය.
ට්විටර් ගිණුම හරහා පළ කල ඡායාරූපය පහතින්..










