පෙරේදා (09) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැති උත්සවයකට එක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙසේ පැවැසීය.
“ඉන්දීය රජය විසින් 1990 හදිසි ගිලන්රථ සේවය ලංකාවට හඳුන්වා දුන්නා. බස්නාහිර හා දකුණු පළාත්වල මෙම ගිලන් රථ සේවය ක්‍රියාත්මක වෙනවා. අපේ ගම්වල සිදුවන අනතුරු වලදී රෝගීන් රෝහල් කරා රැගෙන යන්නේ ත්‍රීරෝද රථයෙන්. නමුත් වර්තමානයේ 1990 ගිලන්රථ සේවයේ රෝගීන් ගෙන යනවා. මෙම ගිලන්රථ සේවයට ද විරෝධතා මතුවුණා. වෛද්‍ය සංගම් නායකයින් ප්‍රකාශ කලා ගල් ප්‍රහාර එල්ල කරන්න කියලා.
නමුත් ජනතාව මෙම ගිලන්රථ සේවයේ ප්‍රයෝජනය ලබනවා. ලබන වසරේ සිට මෙම ගිලන්රථ සේවය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා සහයෝගය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලා. දැනට ඇත්තේ ගිලන්රථ 88 ක්. තව ගිලන්රථ 250 ක් ලබා දෙනවා.
තවද ජර්මනියේ ස්ටයිගර් පදනම හදිසි අනතුරු සේවාව ද මම නිරීක්ෂණය කලා. ගොඩබිමින් සහ ගුවනින් හදිසි අනතුරු සේවය ක්‍රියාත්මක කරනවා. එම පදනම විසින් හෙලිකොප්ටර් 24 ක්, ගිලන්රථ 1025 ක් සහ ආපදා රථ 24 ක් ලබා දීමට පොරොන්දු වුණා. නමුත් අපි මූලිකව ලබා ගත්තේ ආපදා රථ සහ හෙලිකොප්ටර් පමණයි.
ලංකාවේ දැනට තිබෙන වාහන තදබදය නිසා ඇතැම් අවස්ථාවල දී ගිලන්රථ වලටත් මාර්ගයේ යන්න බෑ. එම නිසා අපේ රටේ හදිසි අනතුරු සේවය ගුවනින් හා ගොඩබිමින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්. තවද දිවයින පුරා මහා රෝහල්, ශික්ෂණ රෝහල් 24 ක හදිසි අනතුරු ඒකක ස්ථාපිත කරනවා. ඒ සමගම රුධිර පාරවිලයන සේවාව ද ව්‍යාප්ත කරමින් මධ්‍යස්ථාන 48ක් ඉදිකර තිබෙනවා.”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.