හැටන් නෝර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් පෙරේදා (09) උදෑසන රෝගාතුර වී උමතුවෙන් මෙන් හැසිරීමේ තත්වයක් වාර්තා වේ.
යක්ෂ දෝෂයක් යයි ඇතැමුන් සැකකරන ලද මෙම සිදුවීම සිදුවූ අවස්ථාවේ සේවිකාවන් විසිදෙනෙකු පමණ ආවේශ වී උමතුවෙන් මෙන් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ කෑ ගැසීමත්, ඇතැම් සේවිකාවක් තමන්ගේ බෙල්ල කළු ඇඳුමක් ඇඳ ගත් කිසියම් අයකු ඇල්ලු බවට කෑ ගැසීමත් සිදුව ඇති බව වාර්තා වේ.
එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පාලකයන් විසින් මේ සම්බන්ධව නෝර්වුඩ් පොලීසියට දැනුම් දී මෙන් පසු දික්ඔය රෝහල දැනුවත් කර වෛද්‍යවරුන් පිරිසක් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව වෙත ගොස් ඇඟලුම් සේවිකාවක් පරික්ෂා කර ඇත.
ආවේශ වී උමතුවෙන් සිටි කිහිපදෙනෙකු පරික්ෂා කර බැලීමේදී ඔවුන්ගේ ශරීරයේ කිසිඳු රෝගී තත්ත්වයක් නොතිබූ නිසා හඳුනාගත් ඇඟලුම් සේවික්වන් කිහිපදෙනෙකු දික්ඔය මූලික රෝහලේ සායන කටයුතු සඳහා පැමිණෙන මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට පාලන අධිකාරියට දන්වා ඇත.
එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පවසන්නේ තම ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ පැවැත්විය යුතු දේව පුජාවන් කිහිපයක් පැවැත්වීම පාලන අධිකාරිය මඟින් අතපසු කළ නිසා මෙවැනි අසාමාන්‍ය තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
ඉකුත් (04) එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් දෙසිය හතලිපස් දෙනෙකු පමණ හදිසියේ රෝගාතුර වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙතින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ නිසි පරිදි ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොතිබීමෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් රෝගාතුර වී ඇති බවකි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.