FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානය පරාජය කිරිමේ තිරය පිටුපස කතාව චන්දිමාල් හෙළි කරයි..

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවේදීම 3-0 ලෙස ලැබු ටෙස්ට් තරගාවලි පරාජයෙන් පාඩම් ඉගෙනගත් බව, ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පාකිස්තානය සමග පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස ජය ගැනීමෙන් අනතුරුව ඊයේ (10) පැවති මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළේය.

“ අපිට ඉන්දියාවත් සමග තිබුණේ අපහසු තරගාවලියක්. අපි තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වුණා. එය හැමකෙනෙකුටම අමාරු කාලයක් වුණා. නමුත් අපි ඒ තරගාවලියෙන් බොහේ දේවල් ඉගෙන ගත්තා. ඒ කණ්ඩායමක් ලෙසත් තනි තනි පුද්ගලයන් ලෙසත්.”

“ ප්‍රධානම කරුණ තමයි අපේ ආකල්ප. ඒක ලොකු වෙසක් ඇති කරනවා. අපි පසුගිය මාසයේ 18 වැනිදා සිට පුහුණුවීම් ආරම්භ කළේ. අපි මේ තරගාවලියට එන විට හැම කෙනෙක්ම හදවතින්ම මහන්සි වී පුහුණුවීම් කරලා තමයි තරගාවලියට ආවේ.”

“ හැම කෙනෙකුටම අවශ්‍ය වුණේ තරගාවලිය දිනන්නයි. නායකයෙක් ලෙස මට සතුටුයි. ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කළා. කළමනාකරණයටත් අවශ්‍ය වුණේ මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න. අපි ආකල්ප මත වැඩ කර හොඳ ප්‍රතිඵලයක් අවසානයේදී ලබාගත්තා.”

“නායකයෙක් ලෙස මේ තරගාවලිය ජයග්‍රහණය කිරීම ගැන මට සතුටුයි.  මම ක්‍රීඩකයන් දුන් සහාය, ආකල්ප, විනය ගැන බලනවා. ”

(DE සිල්වා)