FAST NEWS

24×7 Around the Globe

ඉන්දියානු නාඩු සහල් කිලෝවක් රු.74 ට සතොසෙන්..

ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ නාඩු සහල් කිලෝවක් රුපියල් 74 ක් වැනි සහන මීලකට මුදලකට ලංකා සතොස වෙළෙඳසල් ජාලය මඟින් ලබා ගැනීමට හැකි බව වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙරට සහල් සැපයුම පිළිබඳව ඇති පීඩනය වැළැක්වීමේ අරමුණින් ඊයේ (10දා) ඉන්දියාවෙන් ගෙන්වූ එම නාඩු සහල් මෙට්රික් ටොන් 12,500ක් සතොස වෙළෙඳසල්වලට බෙදා හැරීමට කඩිනමීන් කටයුතු කරන බවද එම අමාත්‍යාංශය කියයි.

ඉන්දියාවෙන් අඩු හා තරගකාරි මිලකට සහල් මෙට්රික් ටොන් 70,000ක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර එ අනුව එහි පළමු තොගය සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් ඊයේ (10) දිනයේ මෙරටට ආනයනය කර ඇත.

(DE සිල්වා)