FAST NEWS

24×7 Around the Globe

කැටලෝනියාව යළිත් ස්පාඤ්ඤ රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වෙයි..

ස්පාඤ්ඤයෙන් වෙන්වීම සඳහා ජනතාව ඡන්දය ප්‍රකාශ කළ ද ඒ පිළිබදව යළි සලකා බැලීමට කැටලෝනියාව තීරණය කර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.

කැටලෝනියානු නායකයා ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් ස්පාඤ්ඤ රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

ජනමත විචාරණයේ තීන්දුව වහාම ක්‍රියාවට නැංවීම මේ මොහොතේ නතර කර සාකච්ඡා සදහා මඟ විවර කර ගන්නා මෙන් ඔහු කැටලෝනියානු ප්‍රාදේශීය පාර්ලිමේන්තුවෙන් ද ඉල්ලීමක් කර ඇති බව සදහන්ය.

කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්වීම සඳහා පසුගියදා ජනමත විචාරණයක් පැවති අතර, එහිදී සියයට 90ක්ම ඡන්දය භාවිත කර තිබුණේ කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්විය යුතු බවටයි.

C.රොද්‍රීගු