FAST NEWS

24×7 Around the Globe

2-0 ලෙස ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය ගනියි

පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඩුබායි හි පැවැති සිය මංගල දිවා රාත්‍රී ටෙස්ට් තරගය ලකුණු 68 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සමත්විය.

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගැනිමට සමත්විය.

ලකුණු 317ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 248ක් පමණි.

අසාඩ් ශාෆික් ලකුණු 112ක් රැස්කළ අතර ඩිල්රුවන් පෙරේරා කඩුලු පහක් දවා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා පළමු ඉනිම 482/10

පාකිස්තාන පළමු ඉනිම 262/10

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම 96/10

පාකිස්තාන දෙවැනි ඉනිම  248/10

(DE සිල්වා)