FAST NEWS

24×7 Around the Globe

ඔස්කාර් සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදකයෙකුට ලිංගික අතවර චෝදනා.. (ඡායාරූප)

තම සමාගමේ සේවය කරන කාන්තාවන්ට ලිංගික අතවර කළ බවට නැගුණු චෝදනාවත් සමග ඔස්කාර් සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදක හාවි වෙයින්ස්ටින්ව එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නෙරපා හැර තිබෙන බව වාර්තා වේ.

ආයතනයේ අධ්‍යක්ෂමණ්ඩලය පවසා ඇත්තේ හාවිගේ හැසිරීම පිළිබඳ ලැබුණු නව තොරතුරුවලට අනුව වහා ම ක්‍රියාත්මක වන පරිදි ඔහු ඉවත් කළ බවත් මේ පිළිබඳව ඒ මොහොතේම ඔහුට දැන් වූ බවත්ය.

වසර තිහකට පමණ ඉහත ඔහු විසින් සිදුකළ ලිංගික අතවර සම්බන්ධ වාර්තාවක් නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි පළවීමත් සමග මෙම ඉවත් කිරීම සිදුව ඇත.

ෂේක්ස්පියර් ඉන් ලව්, ද කින්ග්ස් ස්පීච් හා පල්ප් ෆික්ෂන් වැනි චිත්‍රපට නිර්මාණය කළ හාවි හොලිවුඩයේ දැවැන්ත නිෂ්පාදකයන් අතරින් එක් අයෙකි.

Related image

Image result for Harvey Weinstein

Image result for Harvey Weinstein

සී.එන්.එන්