ඉන්දීය සුපිරි කලාකරුවකුට පිය පදවිය ලබන්නට සිතක් පහළ වී ඇති පුවතක් වාර්තා වේ.
මේ සුපිරි තරුව සල්මන් ඛාන් වන අතර ඔහු අවිවාහකයකු වන නමුත් සල්මන්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ කරන් ජොහාර්ව අනුගමනය කරමින් පිය පදවිය ලබන්නට බව සදහන් වේ.
ඔහු පවසා ඇත්තේ මීළඟ වසර දෙක, තුන ඇතුළතදී පුතකු හෝ දියණියකගේ සෙනෙහස ලැබීම තම පැතුම වන බවත් ඒ දරුවා හෝ දැරියට වයස අවුරුදු 20 ක් සපිරෙද්දී තමන්ගේ වයස 70 ක් පමණ වන බවත්ය.









