FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශයට පැමිණෙන රොහින්ග්‍යා සරණාගත සංඛ්‍යාව ඉහළට..

මියන්මාරයේ රඛීනේ ප්‍රාන්තයේ සිට බංග්ලාදේශයට පැමිණෙන රොහින්ග්‍යා සරණාගතයින්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණික ආයතනය ප්‍රකාශ කරයි.

පසුගිය සති 6ක කාලය තුළ එම සංඛ්‍යාව පන්ලක්ෂ 19,000 දක්වා ඉහළ ගොස් තිබෙන බව සදහන් වේ.

පසුගිය කාලයේදී සරණාගතයන්ගේ පැමිණීම අඩුවීමක් දක්නට ලැබුණ ද දැන් දිනකට 2000ක් පමණ රොහින්ග්‍යා සරණාගතයින් බංග්ලාදේශයට පැමිණෙන බව වාර්තා වේ.

C.රොද්‍රීගු