ඇමෙරිකානු ආර්ථික විද්‍යාඥයෙකු වූ රිචඩ් තලර් මෙවර ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
චිකාගෝ බූත් ව්‍යාපාර පාසලේ සේවය කරන හෙතෙම, ගෝලීය වශයෙන් ඉහළ අලෙවියක් ඇති Nudge සඟරාවේ රචකයෙකු ලෙසද කටයුතු කරයි.
ඔහුගේ විශේෂ ඉදිරිපත් කිරීම තුළ ලොව පුරා බොහෝ දෙනෙකුට ස්වයං විනයක් සහිතව ආර්ථික කාර්යයන් හි නිරත වීමට අවකාශය ලැබුණු බව මෙවර ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලබාදෙමින් විනිශ්චය මණ්ඩලය පවසා ඇත.
(DE සිල්වා)







