FAST NEWS

24×7 Around the Globe

‘මොකද්ද යෝධයෝ උඹ මට මේ කළේ’..

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ට අපහාස වන අයුරින් නිපදවූ බව කියන ඉරාජ්ගේ අලුත්ම වීඩියෝ රංගනයට දායක වුණ විල්සන් කරුණාරත්නට මෙම වීඩියෝවෙන් පසුව දැඩි දෝෂාරෝපනයන්ට ලක්වන්නට සිදුවිය.

කෙසේනමුත් ඔහු සමගින් සිදු කරනු ලැබූ සංවාදයකදී වීඩියෝ එක ප්‍රචාරය වීමෙන් පසුව ඉරාජ් ඔහු ඇමතූවාදැයි විමසීමේදී හෙතෙම අදහස් දැක්වීම සිදුකරන ලද්දේ මෙපරිදිනි.

‘නැහැ. තවම කතා කළේ නැහැ. මාත් ඉන්නේ කතා කරනකම් ‘මොකද්ද යෝධයෝ උඹ මට මේ කළේ’ කියලා අහන්න. වුණේ වැරැද්දක් ඒකට මම දැන් කණගාටු වෙනවා.’