FAST NEWS

24×7 Around the Globe

රුසියාවේ වෙළඳ සංකීර්ණයක ගින්නක් හටගනියි..

රුසියාවේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 3,000කට ආසන්න පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.

මොස්කව් අගනුවරට වයඹ දෙසින් පිහිටි සින්ඩිකා මෝල් නම් වෙළඳ සංකීර්ණයේ ගින්න හටගෙන ඇති බවත් වෙළඳසැලේ රථවාහන නැවතුමේ තිබූ වාහන කිහිපයක් ගිනිගෙන එය වෙළඳ සංකීර්ණය පුරා පැතිරගොස් ඇති බවත් ගින්නෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි.

එරට වාර්තා සඳහන් කලේ ගින්න මැඩ පැවැත්වීම සඳහා හෙලිකොප්ටර් යානාද යොදවා ඇති බවයි.

C.රොද්‍රීගු