FAST NEWS

24×7 Around the Globe

බිරිඳ දුක්‌විඳිනා අන්දම ඉවසා ගත නොහැකිවූ පුරුෂයකු කල දේ..

තම බිරිඳ රෝගාතුරව දුක්‌විඳිනා අන්දම ඉවසා ගත නොහැකිවූ පුරුෂයකු ජීවිතය ගැන කලකිරී සියදිවි හානිකර ගෙන ඇති අතර ඔහුගේ දේහය 6 දා සොයාගෙන හදිසි මරණ පරීක්‍ෂණ සිදුකර මෘත ශරීරය 07 වැනිදා නිවසට රැගෙන එමින් සිටියදී බිරිඳ එදින 07 වැනිදාම නිවසේදී මියගිය සිද්ධියක්‌ සම්බන්ධයෙන් තඹුත්තේගම නල්ලච්චිය ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙලෙස මියගොස්‌ ඇත්තේ තඹුත්තේගම නල්ලච්චිය පදිංචිව සිටි එන්. බී. ඒ. සෝමපාල (80) මහතා සහ එම ලිපිනයේම පදිංචිව සිටි ඩී. එම්. පුංචි මැණිකේ (60) නැමැති අයයි.

අවුරුදු හතරක්‌ පමණ ඩී. එම්. පුංචිමැණිකේ මහත්මිය ඔත්පලව සිට ඇති අතර ඇප උපස්‌ථාන කර ඇත්තේ පුරුෂයා විසිනි.

ඉකුත් 04 වැනිදා සිට බිරිඳ සිහිසුන්ව සිටියදී එය ඉවසාගත නොහැකිවූ පුරුෂයා වන එන්. බී. ඒ. සෝමපාල මහතා කුඹුර අද්දර තිබූ මයිල ගසකට නැග ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගෙන තිබේ.