FAST NEWS

24×7 Around the Globe

මෝස්තරය එක්ක ගර්භණී ගුරුවරියන්ට විනයානුකූල ගවුමක්..

ගර්භණී ගුරුවරියන් සඳහා පාසල් හැඳීමට යෝග්‍ය විනයානුකූල ගවුමක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.

ඒ අනුව, ඊට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදු කර ඇති බවත්, අදාළ ගවුමේ මෝස්තරයද ඇතුළත් චක්‍රලේඛය ඉදිරි දිනකදී නිකුත් කිරීමට නියමිත බවත් පැවසේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ සාරිය හැඳීමට සිදු වීම හේතුවෙන් ගර්භිණී ගුරුවරියන් කායික වශයෙන් යම් අපහසුතාවන්ට ලක්වන බැවින් ඒ සඳහා සුදුසු ඇඳුමක් හඳුන්වාදීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි.