ස්වයංක්‍රිය සැහැල්ලු ගුවන් යානා හෙවත් ඩ්‍රෝන යානා තාක්ෂණය නව මානයකට ගෙන යමින් මගියකු සමඟ ගුවන් ගත කළ හැකි ප්‍රථම ස්වංක්‍රීය ඩ්‍රෝන යානය නිපදවීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂඥවරු කණ්ඩායමක් සමත්වී සිටිති.
‘රතු යානය’ ලෙස නම්කර ඇති මෙම ඩ්‍රෝන යානයට පැයට කිලෝමීටර 70 ක වේගයකින් ගමන් කළ හැකි බව සදහන්ය.
විනාඩි 25 ක පමණ කාලයක් ගුවනේ සැරිසැරීමට හැකි මෙම යානය දැනටමත් සාර්ථකව අත්හදා බලා ඇති බවත් වාර්තා වේ.
මෙම ඩ්‍රෝනයේ ගමන් ගන්නා මගියාට සිය ගමන් මග පලනය කිරීමට හෝ ගමනාන්තය සඳහන් කළ පසුව නිදහසේ ඉඳගෙන යාමට හැකිව තිබෙන ලෙස සකසා තිබීම විශේෂත්වයකි.
ඡායාරූප පහතින්..











