තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ.
බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික් අඩංගු සංඝටක කාබනික වශයෙන් කුකුළන්ට ලබාදුන්නද උදරය තුළදී විස ආසනික් සංඝටක බවට පත්වේ.
පර්යේෂකයන් පවසන පරිදි සෑම කුකුළු මස් වර්ගයකම මෙම ආසනික් ඇතිබව තහවුරු වී නොමැති අතර මෙම පර්යේෂණය තෝරාගත් කුකුළු මස්වර්ග කීපයක් පමණක් යොදාගෙන සිදුකර ඇත.









