බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති වාර්ෂික පොති ප්‍රදර්ශනය අතරතුර පොතක් මිලට ගන්නට උවමනාවූ කුඩා දරුවෙකු සම්බන්ධ සංවේදී සිදුවීමක් සමාජ මාධ්‍ය තුළ අවදානයට ලක්ව තිබේ.
පහත පළවන්නේ එයයි..
‘අවුරුදු 16 ක් විතර පොඩි මල්ලි කෙනෙක් පොත් තුනක් අතේ තියගෙන කාව හරි හොයනවා. අම්මා කියන්න පුළුවන් ගැහැණු කෙනෙක් සෙනඟ පීරගෙන පොඩි එකා ඉන්න තැනට ආවා.
පුතා – අම්මෙ මම මේ ටික ගන්නද ? ආසයි මට
අම්මා – (පොත් ටික අතට අරන් බලන ගමන්) අනේ පුතේ පුතාට ඕනෙමද ? ගොඩක් ගනන් නෙහ් ? එච්චර ගෙනාවෙ නෑ පුතේ.. ඕනේම කරන පොතක් තියෙනවනම් ගමු.
කියල පොත් තුන පොඩි එකාගෙ අතේ තිබ්බා. එහා පැත්තෙ හිටිය නිස මම පොත් මොනද කියල හොරෙන් බැලුවා.සෙංකොට්ටං පොතයි නොහදුනන ලින්කනුයි ආතර් සී ක්ලාක්ගෙ 2020 ප්රබන්ධයයි තමයි අතේ තිබ්බෙ.පොඩි එකා මුකුත් නොකියා මූණෙ අමුතු දුකක් හිර කරගෙන පොත් ටික රාක්කෙන් තිබ්බා.. ඇත්තටම මට දුක හිතුනා. අපි දවස් දෙක තුන ගිහින් ගොඩක් පොත් ගත්තට ඇත්තටම පොත් වලට ආස ඒත් ඒව ගන්න බැරි ගොඩක් අය ඉන්නව නේද කියලා.පොත් තෝරන ගමන් මම පොඩි එකත් එක්ක කතා කරා. ඇත්තටම ඌ පොත් වලට ආස මල්ලි කෙනෙක් කියල තේරුනා. මම ඒ පොත් තුන අරන් බිල් කරල එනගමන් පොඩි එකාට දුන්නා. මල්ලි මාර විදියට සතුටු වුණා . හදවතට එකඟවම මාත් ඒ සතුට දැකලා සතුටු වුණා..
යාළුවනෙ පොත් ගන්න අතරතුර අහම්බ්බෙන් හරි මෙහෙම දෙයක් කරන්න හැකියාවක් ලැබුනොත් දෙපාරක් හිතන්න එපා..‘
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.