උතුර හා නැගෙනහිර පළාත් අනිවාර්යයෙන්ම එක් කල යුතු යයි ආර්. සම්බන්ධන් දෙමල සන්දාන නායකයා බ්‍රිතාන්‍ය ඇමැති මාර්ක් ෆීල්ඩ් සමඟ පැවති සාකච්ඡාවකදී අවධාරණය කර තිබේ.
ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකලහොත් සාහසික ක්‍රියාවන් ඇති වනු ඇතැයිද අනතුරු අගවා ඇති විපක්ෂ නායක සම්බන්ධන් නව ව්‍යවස්ථාව සදහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවත් පැමිණ ඇත්තේ අසීරුතම කාලයක් බවත් පෙන්වා දී ඇත.
රජය විසින් රදවාගෙන සිටින හිටපු කොටි සාමාජිකයින් නිදහස් කල යුතු බවත් හමුදාව යටතේ තිබෙන ඉඩම් මුදා හල යුතු බවත් අතුරුදන්වූ පුද්ගලයින්ගේ පවුල්වලට විසඳුමක් ලබාදිය යුතු බවත් ඊට ලක් රජයට බලපෑම් කරන ලෙසත් ඔහු බ්‍රිතාන්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත.









