FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශය රොහින්ග්‍යා සරණාගතයන්ට රැකවරණය දීමට වනාන්තර වෙන් කරයි..

මියන්මාරයේ – රකීනේ ප්‍රාන්තයේ සිට පලා ආ රොහින්ග්‍යා සරණාගතයන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ 15,000 ඉක්මවීමත් සමඟ ඔවුන්ට රැකවරණය ලබාදීම සඳහා කොක්ස් බසාර් ආසන්නයේ වනාන්තරය හෙළි පෙහෙළි කිරීමට බංග්ලාදේශ බලධාරින් තීරණය කර තිබෙන බව වාර්තා වේ.

මේ වනවිට ඔවුන් සඳහා කඳවුරු ඉදිකිරීමට බංග්ලාදේශ රජය අක්කර 2000 ක් වෙන් කර ඇති බවත්, එය ප්‍රමාණවත් නොවීම නිසා තවත් අක්කර 1000 ක වනාන්තර ප්‍රදේශයක් හෙළි පෙහෙළි කිරීමට කටයුතු යොදා ඇති බවත් සදහන්ය.

C.රොද්‍රීගු