FAST NEWS

24×7 Around the Globe

මෙවර ශිෂ්‍යත්වයේ ප්‍රථමයා කියූ කතාව මෙන්න..

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ ඩබ්. කේ දිනුක නිෂාන් කුමාර් සිසුවා විසින් ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත.

දිනුක සිය පවුලේ වැඩිමල් දරුවා වන අතර ඔහුට බාල සහෝදරියක්ද සිටියි.

දිනුකගේ පියා වන වසන්ත කුමාර වෘත්තියෙන් රන් භාණ්ඩ ව්‍යාපාරිකයෙකු වන අතර, මව වන එච්. ඩී. ක්‍රිෂාන්ති ගෘහනියකි.

සිය ජයග්‍රහණය පිළිබඳ දිනුක මෙසේ අප හා අදහස් දැක්වූහ.

“මම හැමදාම පන්තියේ මුල්තැන ගත් සිසුන් අතර සිටියා. මට ශිෂ්‍යත්වයෙන් ලංකාවේ පළමු දහ දෙනා අතරට යන්න පුළුවන් කියන විශ්වාසය පාසලේ ගුරුතුමන්ලා ළඟ තිබුනා. මමත් වැඩ කළේ ඒ විශ්වාසය ඇතිවයි. නමුත් ලංකාවේ පළමුවැනියා වෙන්න ලැබෙයි කියා මම හිතුවේ නැහැ. මම ලංකාවේ පළමුවැනියා වුණා කියලා දැන ගත්තාම මට ඇතිවුණේ මහත් සතුටක්.

මගේ මේ ජයග‍්‍රහණයට කවදත් මගේ පිටුපසින්ම සිටි මගේ අම්මා තාත්තා මගේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු පළමු පන්තියේ සිටම උගන්වපු ගුරුතුමන්ලාත් විශේෂයෙන්ම පහ ශ්‍රේණියේ පන්ති බාර පාලිත වනිගසිංහ ගුරුතුමාත් මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමතියි.

මම නිතරම අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දුන්නා. සංගීතයට ඇලූම් කළා. කි‍්‍රකට් සෙල්ලම් කළා. බාහිර වැඩ කළා. එහෙත් කිසිවිටක පාසලේ වැඩකටයුතු අතපසු කළේ නැහැ. මම වැඩියෙන්ම ආසා කළ විෂය වුනේ ගණිතයයි. මම ඉදිරියේදී හොඳින් ඉගෙන ගෙන හොඳ පුරවැසියෙක් විදිහට ලංකාව ලෝකයේ ඉදිරියට ගෙන යන්නට හැකි නිර්මාණශීලී ඉංජිනේරුවකු වෙන්න අදහස් කරනවා.”