FAST NEWS

24×7 Around the Globe

කොලොම්බියාවේ ඒකාබද්ධ අපරාධ මර්දන මෙහෙයුමකින් 176ක් අත්අඩංගුවට..

කොලොම්බියාවේ පැහැරගැනීම් සහ කප්පම් ගැනීම් මර්දනය කිරීමේ අරමුණෙන් ඇරඹූ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුර කළ වැටලීමකදී පුද්ගලයින් 176 දෙනෙකු අත්අඩංගුවට ගැණුන බව විදෙස්මාධ්‍ය පවසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම මෙහෙයුම ප්‍රදේශ 18ක ක්‍රියාත්මක වූ බවත් සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් සඳහා ආරක්ෂක නිලධාරීන් 1300 ක් පමණ යෙදවූ බවත්ය.

මෙහෙයුම් භාර නිලධාරී ෆර්නෑන්ඩූ මුරිලෝ ප්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ අපරාධ මර්දන මෙහෙයුමත් සමඟ මෙම වසරේදී කොලොම්බියාවේ කප්පම් ලබාගැනීම් 38%කින් ද පැහැරගැනීම් 10%කින්ද අවම වී ඇති බවයි.

C.රොද්‍රීගු