FAST NEWS

24×7 Around the Globe

වැඩ බාරගන්න ගිය කොල්වින්ට හූ කියලා..

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස පත්වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද(04) සිය ධූරයේ වැඩ බාරගැනීමට කොළඹ වෝඩ් පෙදෙසේ කාර්යාලයට ගිය අවස්ථාවේ එහි සිටි වෛද්‍ය පීඨ සිසුහු පිරිසක් හූ කියමින් විරෝධය පෑහ.

වෛද්‍ය සභාව අසල උද්ඝෝෂණය කරමින් හූ කියමින් සිසුන් විරෝධය පළ කරද්දී කොල්වින් ගුණරත්න මහතා කාර්යාලය තුළට ගියේය.