FAST NEWS

24×7 Around the Globe

කියුබානු රාජ්‍යතාන්ත්‍රිකයින් 15ක් ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීමට තීරණය කරයි..

ඇමෙරිකාවේ රැඳී සිටින කියුබානු රාජ්‍යතාන්ත්‍රිකයින් 15 දෙනෙකු පිටුවහල් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙන බව විදෙස්මාධ්‍ය සදහන් කරයි.

මෙම තීරණය ගෙන තිබෙන්නේ පසුගියදා කියුබාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට එල්ල වූ අති ධ්වනි ශබ්ද තරංග ප්‍රහාරයෙන් තම රාජ්‍යතාන්ත්‍රිකයින්ව ආරක්ෂා කර ගැනීමට හවානා පාලනය අපොහොසත්වූ බව පවසමින්ය.

කියුබානු රාජ්‍යතාන්ත්‍රිකයින්ට ඇමෙරිකාවෙන් පිටත්වීම සදහා සතියක කාලයක් ලබාදී තිබෙන අතර කියුබා විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙය ඉතා අසාධාරණ ක්‍රියාමාර්ගයක් බවයි.

C.රොද්‍රීගු