FAST NEWS

24×7 Around the Globe

‘පේනව නේද ජනපතිට ලොකෙන් ඇති පිලිගැනීම..’

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් වූ කෙටි ලයිස්තුව දක්වා යෝජනා වී තිබීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් සියළු දෙනාම සතුටු විය හැකි තත්ත්වයක් බව ඇමැති මහින්ද සමරසිංහ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවැසීය.

ඔහු කියා සිටියේ නෝර්වේ රටේ සංවිධානයක් විසින් මේ නම් කිරීම කර ඇති බවත් දිගු ලයිස්තුවේ සිට කෙටි ලයිස්තුව දක්වා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නම යෝජනා වී තිබීම ගෞරවයක් බවක් එහි දී නොබෙල් සාම තෑග්ග ලැබේ ද නැද්ද යන්න අදාළ නොවන බවත්ය.

මෙරට දේශපාලනඥයෙකු නොබෙල් සාම ත්‍යාගයට යෝජනා වූයේ ඉතිහාසයේ පළමු වතාවට බවත් ඉන් තවදුරටත් තහවුරු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාත්‍යන්තරයේ ඇති පිළිගැනීම බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.