FAST NEWS

24×7 Around the Globe

කැටලෝනියාව වෙනම රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීමට නියමිතයි..

ස්පාඤ්ඤයෙන් වෙන්වීමට පැවැති ජනමත විචාරණයෙන් ජයග්‍රණය කළ කැටලෝනියාව ඉදිරි දින කිහිපයේදී වෙනම රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීමට නියමිත බව විදෙස්වාර්තා සදහන් කරයි.

පසුගිය දා පැවැති මෙම ජනමත විචාරණයේදී ඡන්දය භාවිතා කළ ජනතාවගෙන් සියයට 90ක්ම ප්‍රකාශ කර ඇත්තේ කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන් විය යුතු බවටයි.

මෙම ජනමත විචාරණය පැවති දිනයේ පොලීසිය සහ කැටලෝනියා වැසියන් අතර ගැටුම් හට ගත් අතර ඉන් 800 දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා විය.

C.රොද්‍රීගු