FAST NEWS

24×7 Around the Globe

ඔබාමා ‘හැරී කුමරුගේ’ කනට ළං වී ඇසු කතාව මෙන්න..

අමෙරිකාවේ හිටපු ජනාධීපති බරක් ඔබාමා හා හැරී කුමරු අතර හමුවක් කැනඩාවෙන් වාර්තා වේ.

හැරී කුමරුගේ මූලිකත්වයෙන් “ඉන්වික්ටස් ” ක්‍රීඩා උළෙල පසුගියදා කැනඩාවේ ටොරොන්ටෝ හිදී පැවැත්වුන අතර ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් ඊට එක්ව සිටි බව වාර්තා වේ.

එම අවස්ථාවට සහභාගී වූ අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා, හැරී කුමරු අසලට ගොස් අසුන්ගෙන ඔහු සමග සුහද කතා බහක යෙදුණු බව කැනේඩියානු වාර්තාවල සදහන්ය.

හැරී කුමරුගේ පෙම්වතිය වන මෙගාන් මාකේල් සම්බන්ධයෙන් ඔබාමා මෙහිදී විමසා ඇති බවත් මෙගාන් මාකේල් අතීශයෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් බව ප්‍රකාශ කර ඇති බවත් වාර්තාවල දැක්වෙයි.

ඇගේ අනාගතය වෙනුවෙන් සුබ පැතුම් එක්කළ ඔබාමා සිනාමුසු මුහුණින් යුතුව හැරී කුමරුගෙන් අසා ඇත්තේ ඔබගේ මංගල්‍ය උත්සවයට ඔබාමා අංකල්ට එන්න කියනවා ද ? යන්නයි.

අංකල්ට තමයි මුලින් ආරාධනා කරන්නේ කියා මෙහිදී ඔබාමාට හැරී කුමරු පිළිතුරු දී තිබෙන බවත් සදහන්ය.