ශ්‍රී ලංකාවේ රැඳී සිටි රෙහින්ග්‍යා සරණාගතයින් පිළිබඳව රජය සත්‍ය ප්‍රකාශ කළේ නම් ගල්කිස්සේදී පසුගියදා ඇතිවූ සිදුවීම ඇති නොවීමට ඉඩ තිබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
සරණාගතයින් ශ්‍රී ලංකාවේ නොමැති බවට මුලින් වයඹ සංවර්ධන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයත්, පසුව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාත් පැවැසූ බව ඔහු පවසයි.
එවැනි තත්ත්වයක් තිබියදී ගල්කිස්ස ප්‍රදේශයේ ගොඩනගැල්ලක සිටියදී සරණාගතයින් හමුවූ බවත් රජය ඇත්ත වසන් කිරීම හේතුවෙන් ගල්කිස්සේදී උණුසුම් තත්ත්වයක් ඇති වූ බවත් ඔහු පවසයි.









