FAST NEWS

24×7 Around the Globe

ලෝක ළමා දිනේ සමරන්න ඉස්කොලේදි බෝතල් පාටියක් දාලා වැඩ වැරදුණු හැටි..

කලූතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශයක පාසලක ඊයේ (02) ලෝක ළමා දින උත්සවය සහ චිත්‍ර ප්‍රදර්ශණයක් පවත්වමින් තිබෙන අතරතුර පාසලේ 12 වසර ළමුන් 6දෙනෙකු විදුහල් ක්‍රීඩාංගණයේදී මත්පැන් පානය කර ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීම පිළිබඳව සොයා බැලූ විදුහල්පතිවරයා ක්‍රීඩාංගණයේදී තිබී හිස් අරක්කු බෝතලයක් හා සෝඩා බෝතලයක්ද සොයාගෙන ඇති අතර මත්පැන් පානය කර සිටි ළමයින් 6දෙනා කලුතර ප්‍රදේශයේ රෝහලකට රැගෙන ගියද සිද්ධිය පොලීසියට දැනුම් නොදී ළමුන් පරීක්ෂා කිරීම රෝහල් වෛද්‍යවරයා ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව පොලීසියට දැනුම්දීමෙන් පසු පොලිස් නිලධාරීන් ළමා හා කාන්තා කාර්යංශ නිළධාරීන් මවුපියන් කැඳවා ළමයින්ට හා මවුපියන්ට තරයේ අවවාද කර ළමයින්ව මවුපියන්ට භාරදී සිද්ධිය සමථයකට පත්කර ඇති බවත් වාර්තා වේ.

මෙම ළමයින් 6දෙනා පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගන්නා බව විදුහල්පතිවරයා පොලීසියට දැනුම් දී ඇත.