FAST NEWS

24×7 Around the Globe

59ක් ජීවිතක්ෂයට පත්කල ලාස්වේගාස් ප්‍රහාරය ගැන පොලීසියෙන් වැඩිදුර පරීක්ෂණ..

පුද්ගලයන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් තවත් 527 දෙනෙකුට තුවාල සිදුකරමින් ඇමරිකාවේ ලාස්වේගාස් නුවර ඊයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ ඇමරිකානුවාගේ අරමුණ කුමක්දැයි එරට පොලීසිය තවදුරටත් පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය ඊයේ නිළ වශයෙන් භාර ගත් නමුදු ඇමරිකානු පොලීසිය සදහන් කර ඇත්තේ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් සමඟ සබදතා පවත්වන බවට තොරතුරු නොමැති බවයි.

ස්ටීවන් පැඩොක් නැමැති මෙම 64 හැවිරිදි ඇමරිකානුවා වෙඩි තැබීම සිදුකළ හෝටල් කාමරයේ තිබී ගිනි අවි 16ක් හමුව ඇති බවත් පසුව ඔහුගේ නිවසේ තිබී තවත් ගිනි අවි 18ක් සහ පුපුරණද්‍රව්‍ය හමුවී ඇති බවත් විදෙස්වාර්තා වල දැක්වෙයි.

C.රොද්‍රීගු