FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ට ට්විටර් පණිවුඩයක් තබයි..

උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සමග මතුවී ඇති අර්බුධය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් දරන උත්සාහය කාලය කා දැමීමක් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්විටර් පණිවුඩයකින් සිය රාජ්‍ය ලේකම්වරයා ඇමතූ ට්‍රම්ප් ” රෙක්ස්, ඔබේ ශක්තිය අපතේ නොහරින්න. කළ යුතු දේ අප කරනවා. ” යනුවෙන් සඳහන් කර තිබුණි.

ට්‍රම්ප් එම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇත්තේ ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සන්නිවේදන සබඳතා ඇති බවට කරුණු පළ වීමෙන් අනතුරුවය.

C.රොද්‍රීගු