FAST NEWS

24×7 Around the Globe

ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තයේ ගැටුම්වලින් 800කට තුවාල..

ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තය ස්වාධීන රාජ්‍යයක් බවට පත් කිරීම සදහා පැවති ජනමත විචාරණය අතරතුර හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 800කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

විදෙස් වාර්තා සදහන් කළේ ඊයේ(01) ජනමත විචාරණය දැඩි විරෝධතා මධ්‍යයේ පැවැත් වූ බවත් ස්පාඤ්ඤ පොලීසිය ඡන්දය ලබාදීමට පැමිණෙන ඡන්ද දායකයින් වළකාලීමට සහ ඡන්ද පෙට්ටි පැහැර ගැනීමට කටයුතු කළ බවත්ය.

ජනමත විචාරණයේ දී ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීම සදහා 90%ක පිරිසක් සිය කැමැත්ත ලබා දී තිබෙන නමුත් ස්පාඤ්ඤ අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ ඊයේ(01) පැවති ජනමත විචාරණය නීති විරෝධී බවයි.

 

 

C.රොද්‍රීගු