FAST NEWS

24×7 Around the Globe

අයිඕසී තෙල්මිල ඉහළ යන ලකුණු..

ඉදිරි දින කීපය තුළදී පෙට්‍රල් හා ඩීසල් මිල වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි ලංකා අයි. ඕ. සී. (IOC) සමාගම පවසයි.

ඒවායේ වැඩි කරන මිල ගණන් තවම තීරණය කර නැතැයි පැවසූ එහි කළමනාකාර අධ්‍යක්‍ෂ ශ්‍යාම් බෝරා මහතා ඉන්ධන සඳහා බදු අඩු කිරීම හෝ මිල වැඩි කිරීම සිදුකළ යුතු බව රජයට දැනුම් දී ඇතැයි ද කියා සිටියේය.