අඟහරු ග්‍රහයාගේ දීප්තිය 25 ගුණයකින් ඉහළ ගොස් ඇති බව නාසා ආයතනය සිදුකළ පර්යේෂණයකින් හෙළි වී ඇති බව වාර්තා වේ.
නාසා ආයතනයේ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ සූර්යයාගේ විකිරණ කුණාටු හේතුවෙන් මෙලෙස අඟහරු ග්‍රහයාගේ දීප්තිය ඉහළ ගොස් ඇති බවයි.
මේ හේතුවෙන් අඟහරු ග්‍රහයා පෘථිවිවාසීන්ට මේ දිනවල වඩා දීප්තිමත්ව දැක ගත හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.









