FAST NEWS

24×7 Around the Globe

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා ජනමත විචාරණයක්‌ !

සියලු මැතිවරණවලට පෙර නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්වීමට ආණ්‌ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා ආරම්භ වී තිබේ.

ජනමත විචාරණයක්‌ මුලින්ම පැවැත්වීම වඩා සුදුසු බවට ආණ්‌ඩුවට සහාය දක්‌වන දේශපාලන පක්‍ෂ හා දෙස්‌ විදෙස්‌ සංවිධාන රැසක්‌ ආණ්‌ඩුවේ ප්‍රධානීන්ට කරුණු දක්‌වා ඇති අතර ඒ අනුව මේ පිළිබඳව ආණ්‌ඩුව අවධානය යොමුකර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේ කටයුතු ඉදිරි මාස දෙක ඇතුළත කඩිනමින් අවසන් කර අයවැයට පසු ජනමත විචාරණයක්‌ ප්‍රකාශයට පත්කළ යුතු බවට එම පක්‍ෂ හා සංවිධාන රජයට යෝජනා කර තිබේ.

යම් හෙයකින් ජනමත විචාරණයක්‌ මුලින් පැවැත්වීමට රජය තීරණය කළහොත් පළාත් පාලන මැතිවරණය තවත් කල් යනු ඇතැයි ද වාර්තා වෙයි.