FAST NEWS

24×7 Around the Globe

සමූහ දූෂණයට ලක්වූ විද්‍යා දැරියගේ බලු පැටියා තවමත් දුකින්..

යාපනය, පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා ජිවත්ව සිටි සමයේ කැමැත්තෙන් ඇති දැඩි කළ බලු පැටියා තවමත් විද්‍යා එනතෙක් මග බලාගෙන සිටින බව විද්‍යාගේ මව ශිවලෝගනාදන් සරස්වතී පවසයි.

විද්‍යා නඩු තීන්දුවෙන් අනතුරුව ඔවුනගේ නිවස වෙත පැමිණි අවස්ථාවේදී සරස්වතී එලෙස පැවසුවාය.

ඇය පවසන්නේ විද්‍යාගේ නිවසේ උදවිය විද්‍යාගේ ජායාරූපයක් බලු පැටියා වෙත පෙන්වූ අවස්ථාවේදී අදාළ බලූ පැටියා ඉතා සතුටින් ඉපිළ ගිය ආකායක්ද දක්නට ලැබූ බවයි.

විද්‍යාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේදී අදාළ බලු පැටියාද විද්‍යාගේ සොහොන් ගැබට ආචාර කිරීමට පැමිණි බවද විද්‍යාගේ පවුලේ උදවිය පවසයි.