FAST NEWS

24×7 Around the Globe

පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාව 227 යි..

පාකිස්ථානය සමඟ අබුඩාබි හිදී ඊයේ (28) ආරම්භ වු පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනයේදී කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 227 ක් ලබා ගෙන සිටියි.

ලකුණු 61ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 03ක් බිද හැලුණු අතර නායක දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න අතර සිව් වැනි කඩුල්ල සඳහා ලකුණු 100ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුහ.

දිමුත් කරුණාරත්න ලකුණු 93කට දුවද්දී දැවී යාමකට හසු විය.

දිනය අවසන් වන විට 05 වැනි කඩුල්ල සඳහා ලකුණු 66ක නොබිදුණු සබඳතාවක් ගොඩනගා සිටින නායක චන්දිමාල් නොදැවී ලකුණු 60ක් සහ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 42ක් ලබා සිටියහ.

(DE සිල්වා)