FAST NEWS

24×7 Around the Globe

යුක්රේනයේ අවි ගබඩාවක් පුපුරයි..

යුක්රේනයේ අවි ගබඩාවක් පුපුරා යාම හේතුවෙන් පුද්ගලයින් 30,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙන බව වාර්තා වේ.

එරට හමුදාවට අයත් අවි ගබඩාවක් මෙලෙස පුපුරා ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබු බවද සදහන්ය.

මරණ කිසිවක් වාර්තාවී නොමැති බවත් පිපිරීමත් සමග එහි බලපෑම කිලෝමීටර් කිහිපයක් දක්වා පැතිරුණු බවත් විදෙස්වාර්තා පවසයි.

C.රොද්‍රීගු