FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත සුපිරි ක්‍රීඩක බෙන් ස්ටොක්ස් අත්අඩංගුවට.. හේතුව මෙන්න.. (වීඩියෝ)

එංගලන්තයේ බ්‍රිස්ටල් නුවරදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් පිලේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ ඊයේ(27) පැවැති සිවුවැනි එක්දින තරගයෙන්ද ඔහු ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

පෙරේදා රාත්‍රියේ මහමඟදී මෙම සිදුවීම වන විට එංගලන්ත ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස්ද බෙන් ස්ටොක්ස් සමඟ සිට ඇති අතර, මේ හේතුවෙන් ඔහුද (හේල්ස්) සිවුවැනි එක්දින තරගයෙන් ඉවත් කළේය.

මේ සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්‍ෂ ඇන්ඩ්‍රෘ ස්ට්‍රාවුස් මහතා පවසා ඇත්තේ මේ පිළිබඳව වැඩි යමක් පැවැසිය නොහැකි බවත්, ඉදිරියේදී ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වීමට නියමිත අළු බඳුන ක්‍රිකට් තරගාවලිය නම් කිරීම මේ වනවිට සිදුකරන හෙයින් ස්ටොක්ස් හා හේල්ස් පිළිබඳව තම ආයතනය යහපත් තීරණයක් ගනු ඇති බවය.

එම අවස්ථාවේ වීඩියෝව සහ ඡායාරූප පහතින්..