FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාව එල්ල කල මිසයිලයක් සාමාන්‍ය වැසියන් සිටින ප්‍රදේශයකට කඩා වැටෙයි..

ඇෆ්ගනිස්ථානයේ කැරළිකරුවන් ඉලක්ක කරගනිමින් ඇමරිකාව ගුවනින් එල්ල කල මිසයිලයක් සාමාන්‍ය වැසියන් සිටින ප්‍රදේශයකට කඩා වැටී තිබෙන බව විදෙස්වාර්තා පෙන්වා දෙයි.

ඇමරිකානු ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ මෙම මිසයිල ප්‍රහාරක පද්ධතිය ක්‍රමවත්ව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එය කාබුල් අගනුවර සාමාන්‍ය වැසියන් සිටින ප්‍රදේශයකට පතිත වී ඇති බවයි.

ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බව සදහන්ය.

C.රොද්‍රීගු